වසර දෙකක සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ඊයේ රාත්‍රියේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ ඇය පළමුව සිරකාරිනියක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

සිරකාරිනියන්ට නියම කෙරෙන සුදු රෙද්ද සහ හැට්ටය ශෂී වීරවංශ මහත්මියටද නිකුත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් අනතුරුව තවත් සිරකාරිනියන් පිරිසක් රදවා සිටින වාට්ටුවක ශෂී වීරවංශ මහත්මිය රැදවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.