ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින්.

එහි දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 02 ක් , 2000 නෝට්ටු 21 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිගෑම් 200 ක් සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන තෙල් ගේ කසුන් ධනුෂ්ක පීරිස් නොහොත් කස්සා යන අයද වනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රන්සිරිගම පැලෑද, දෙහිපිටිය, රත්මලාන, ඉඹුල්ගොඩ,
ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.