ඉදිරියේ දී මෙරටට ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ සුසුකි වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින්, හොන්ඩා විසල් රථයක් ලක්ෂ තුනකින්, ටොයෝටා රේස් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණ ඉහළ යනු ඇති බවයි.

අමෙරිකානු ඩොලර්යේ අගය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතු වනවා.

මෙරටට වාහනයක් ආනයනය කිරීමෙන් අනතුරුව මාස තුනක් තුළ එය නිදහස් කර නොගන්නේ නම් එක් මසකට සියයට 3 සිට සියයට 40 දක්වා උපරිම දඩයක් නියම කෙරෙනවා.

පවතින ඉන්ධන ගැටළුව හමුවේද ඇතැම් පරිභෝගිකයින් ඇණවුම් කළ වාහන අවලංගු කිරීමටද පියවර ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම දඩය අය කිරීම අවම වශයෙන් මාස හයකට හෝ අත්හිටුවන ලෙසද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා රජයේ ඉල්ලිමක් කළා.