ධාර ප්‍රදේශවලට ඇද හැළෙන මහ වැසි හමුවේ ජලාශ කිහිපයක් තවදුරටත් වාන් දමන වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා දැදුරු ඔය ජලාශයේ අඩිය බැගින් ඊයේ විවෘත කළ වාන් දොරටු අට දැන් අඩි 2 ක් දක්වායි විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් දැදුරු ඔයට නිකුත් වන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 10,400 ක් වනවා.

ඒ අනුව දැදුරුඔය ජලාශයට පහලින් දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාව විශේෂයෙන් දැදුරුඔයෙහි ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වනවා.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් ද විවෘත කර තිබෙනවා.

ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද එලෙස විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 3,800 කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතිනවා.

මී ඔය ගංගා ද්‍රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි භාගය බැගින් විවෘත කර ඇති බවයි.

ඒ අනුව තබ්බෝව ජලාශයේ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ මී ඔය ගංගා ද්‍රෝණිය දෙපස පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු වනවා.

මේ අතර දඹුළු ඔය ජලාශයේ වාන් දොරටුවක් ද අද උදැසන විවෘත කර තිබෙනවා.