Published
කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව බරපතළ තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ඇය කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
46 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව සමග මීට පෙර සබඳතාවක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.




