වැල්ලවාය, අලුත්වෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සිය භාරයට ගත් බවයි වැල්ලවාය පොලීසිය පැවසුවේ.

ගංජා හේනේ දෙකෙහි තිබූ ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 50කට අධික වනවා.

එම ගංජා හේන් දෙක පොලීසිය විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.