සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු යාපනය බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46වන වියේ පසුවූ පූබාලසිංහම් ජෙයකුමාර් නමැත්තෙක්.

ඔහු විසින්ම දිවි හානිකරගෙන ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මහත් ආන්දෝලනයකට ලක්වූ විද්‍යා ඝාතනය සිදුවූයේ ඉකුත් 2015 වසරේදීයි.

ඒ පිළිබද නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුනු අතර ස්වීස් කුමාර් නමැත්තෙකු ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එහිදී මරණ දඩුවම නියම කෙරුණා.

මේ සමබන්ධයෙන් විත්තිකරුවන් ශ්‍රේෂ්ධිකරණය වෙත අභියාචනයක් ගොනු කළ නමුත් එය නිෂ්ප්‍රභ කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ ඉකුත් මැයි 6වැනිදායි.

එහිදී විත්තිකරුවන් නියම කර තිබූ මරණ දඩුවම යළි තහවුරු කෙරුණා.