උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් දඹුල්ල ගම්උදාව වීර මොහාන් ජය මහා විදුහලේ පන්ති හතළිස් අටක පිංකම් හතළිස් අටක් අද (26) දින දවස පුරා සිදුකර තිබෙනවා.

ඒ අනුව මහා සංඝයා වහන්සේලා 48 නමක් හේවිසි හොරණෑ ශබ්ද පූජා මධ්‍යයේ සහ සාධුකාර මධ්‍යයේ වීර මොහාන් ජයමහා විදුහලට වැඩම කරවා සෑම පන්තියකම ආගමික වතාවත් සිදු කිරීම විශේෂත්වයක්.

වැඩම කරන්නට යෙදුනු මහා සඟරුවනේ, පන්ති හතළිස් අටකට බෙදී වැඩම කොට පළමු වසරේ සිටි දහතුන වසර දක්වා වූ පංතිවල දරුවන්ගේ දැනුම අනුව එහි ආගමික වතාවත්වල නිරත කරමින් පාසලේ පන්තිය තුලදීම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරමින් මහා සංඝයා වහන්සේට දන් පිළිගැන්වීම ආදී පින්කම් කටයුතු මෙහිදී සිදු කර තිබෙනවා.

භික්‍ෂූන් වහන්සේලාට අමතරව ඇතැම් පන්ති කාමරවල භික්‍ෂුණීන් වහන්සේලා ද වැඩම කරවා ආගමික වතාවත් ඉටු කිරීම තවත් විශේෂත්වයක්.

ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින ඉතා කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා වැඩසටහන් රැසක් පන්ති කාමර තුළ මෙහෙයවා තිබෙනවා.