ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත් වි තිබෙනවා.
මෙම තරගාවලියේ පළමු තරඟයේදීද සොනාල් දිනූෂ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 84 රැස් කිරීමට සමත් වුණා.
ඊයේ දිනයේදි නිමාවට පත්වු දෙවන ටෙස්ට් තරගයේදිද සොනාල් දිනූෂ නොදැවි ලකුණු 133 ලබා ගත්තා.
කෙසේ නමුත් එම තරගයේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ කමිඳු මෙන්ඩිස් 12 වන ස්ථානය දක්වාත්, දිනේෂ් චන්දිමාල් 13 වන ස්ථානය දක්වාත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පහත වැටී තිබෙනවා.
එංගලන්ත කණ්ඩායමේ නායක හැරී බෘක්ස් තවදුරටත් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ රැකගැනීමට සමත්ව සිටින අතර, ජෝ රූට්ට එහි දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියානු වමත් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ ඇති අතර, ඔහු සිය වසර 15ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වනවා.




