පාකිස්ථානයේ තණකොළ සහිත තණතීරු මත දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා.
අද ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ අත්දැකීම් සහ කණ්ඩායමේ සමබරතාව තීරණාත්මක සාධක වනු ඇති බවයි මෙන්ඩිස් පෙන්වා දෙන්නේ.
පාකිස්ථානය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර රාවල්පිණ්ඩි හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
වේග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරු බලාපොරොත්තු වුවද, එවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරණ පෙළ හොඳින් සූදානම්ව සිටිනවා.
ශ්‍රී ලංකා පිතිකරුවන් තණකොළ සහිත තණතීරු මත ක්‍රීඩා කිරීමට හුරුපුරුදු බවත්, මීට පෙර එංගලන්තයේදී ද එවැනිම තත්ත්වයන් යටතේ ඔවුන් හොදින් දස්කම් දක්වා ඇති බවත් කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් සදහන් කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.




