ලෝක සංචාරක සිතියමේ ශ්‍රී ලංකාවේ නාමය තවත් ඉහළට ඔසවා තබමින්, දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති 41 වන SIITF හෙවත් සෝල් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙහිදී ලැබුණු එක් ඇගයීමක් වන්නේ, සංචාරක ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් පිරිනමන SIITF එමිනන්ට් ටුවරිසම් පයනියර් (Eminent Tourism Pioneer Award) සම්මානයයි.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය රුවන් රණසිංහ මහතා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසර 41ක් වන සෝල් ජාත්‍යන්තර සම්මාන ඉතිහාසයේ මෙම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මීට අමතරව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කුටියට ප්රමුඛ පෙළේ සම්මාන 3 ද හිමි වුණා.
ඒ, වඩාත්ම ජනප්‍රිය ප්‍රදර්ශන කුටිය, හොඳම කුටි සැලසුම්කරණය සහ සංස්කෘතික ප්‍රසංගය සදහායි.
සම්මාන දිනාගත් ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රදර්ශන කුටිය ඇම්බැක්කේ කැටයම් කලාව ඇසුරින් නිර්මාණ කර තිබුණා.
මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ රටවල් ගණන 40ට වැඩියි.
ඒ සියලු රටවල් අභිබවා ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉමහත් ශක්තියක් වන බව කර්මාන්තකරුවන් පවසනවා.




