Published
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබද සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.
සිය පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බුද්ධික හේවාවසම් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.



