හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගයක් කළේ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

අද මෙම පැමිණිල්ල කැඳවනු ලැබූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියෙයි.

මීළඟ නඩු දිනයේදී සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා කැඳවන බවත් එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියා.