හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය මාලිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත ගොනු කර තිබුණා.

මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 06 වනදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසටද නොතීසි නිකුත් කළා.