දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් පොලිසිය අද පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශිරාන් බාසික් නමැත්තා සමග පැවැත්වූ බව කියන සම්බන්ධතා පිළිබඳවයි.

ශිරාන් බාසික් නමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගැනුණු අතර ඉකුත්දා ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

ඔහුගෙන්  කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු සමග සම්බන්ධතාව පැවැත් වූ කිහිප දෙනෙකු පිළිබඳව අනාවරණ වී ඇති අතර ඒ අනුවයි ධනසිරි අමරතුංග මහතාගෙන්ද ප්‍රශ්න කර ඇත්තේ.

ප්‍රශ්න කිරීම සඳහා අද දින පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස ධනසිරි අමරතුංග මහතාට කැඳවීමක් ලැබී තිබුණා.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු  පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අතර ඇය හතරකට වැඩි කාලයක් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් වලින් පසු පස්වරුවේ ඔහු පිටව ගිය බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.