මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ එම විභාග ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර ඇති බවයි.

එම ලේඛණ යළි පරීක්‍ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පසුවන බවද ඔහු පැවසුවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 9 වනදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.

ඊට අයදුම්කරුවන් දෙලක්‍ෂ 94,089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය 20 වනදා ආරම්භ වුණා.

ඒ, දිවයින පුරා මධ්‍යස්ථාන 48 කදීයි.

ඇගයිම් මණ්ඩල 380 ක් යටතේ පරීක්‍ෂකවරුන් 6,000 කට අධික පිරිසක් විභාග ඇගයිම් කටයුතු සදහා එක්ව තිබෙනවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කරන බව එම විභාගය පැවැත්වූ දිනයේදී විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.