Published
2027 අයවැයට එරෙහිව ඇතැම් රාජ්‍ය සේවක වෘත්තීය සමිති ලබන 30 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට තමන් කිසිදු සහායක් ලබා නොදෙන බව හැටන් බෝගහවත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් පවසනවා.
අද සේවයට වාර්තා කිරීමට පෙර බෝගහවත්ත හින්දු කෝවිල වෙත පැමිණි වතු කම්කරුවන් පිරිසක් රජයට ආශිර්වාද පතා, වැඩවර්ජනය සැලසුම් කර ඇති වෘත්තීය සමිතිවලට එරෙහිව පොල් ගැසීමේ විරෝධතාවක ද නිරත වු බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීම ඇතුළු වත්මන් රජයේ වැඩපිළිවෙළට තම සහයෝගය හිමිවන බවයි මාධ්‍ය වෙත අදහස් දැක්වූ කම්කරුවන් සඳහන් කළේ.
එම වැඩපිළිවෙළට සමස්ත රාජ්‍ය සේවකයින් ද සහාය දැක්විය යුතු බවත්, ඊට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තම විරෝධය පළ කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.









