දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අධිකරණය අද නියෝග කළා.
ඒ, කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින්.
සුරේෂ් සලේ මහතාව පසුගිය පෙබරවාරි මස 25 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.
එම අතරවාරයේ, තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළා.
එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වූ අතර, පසුගිය ජුනි මස 27 වන දින හෘදයාබාධ රෝගී තත්ත්වයකට ද මුහුණපෑවා.
ඒ අනුව සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට අතුළත් කළ අතර මේ වන විවටත් හෘද රෝග ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර අද (01) සුරේෂ් සලේ මහතා සිය නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කළා.




