සාගරිකා දුම්රිය පීලි පැනීමකට ලක් වූ වාද්දූව සහ පිංවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය පිළිසකර කර අද පස්වරුව වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කරවීමට උපරිම වශයෙන් උත්සාහ ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසුවේ දුම්රිය පීලි පැනීමට ලක් වූ ස්ථානය පිළිසකර කිරීම සදහා සිය දෙපාර්තමේන්තුවේ සියළුම කාර්මික හා තාක්‍ෂණික අංශ එක්ව මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් සිදුව ඇති හානිය විශාල බැවින් එම මාර්ගය පිළිසකර කිරීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ හේතුවෙන් එම ස්ථානයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මංතීරු දෙකම අවහිර වී තිබෙනවා