Published
මෙම වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සදහා ජාතික හැදුනුම්පත අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම විභාගයට අයදුම් කරන ජාතික හැදුනුම්පත මේ වනවිට නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට සිය භාරකරුවන්ගේ හැදුනුම්පත් අංකය භාවිත කර ලියාපදිංචි වී ඔන් ලයින් ක්‍රමය හරහා විභාගයට අයදුම් කළ හැකි බවයි.
පාසල් අයදුම්කරුවන්ට ද බාධාවකින් තොරව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම් කිරීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ සදහා අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.



