Published
2025 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි.
මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ''1911'' යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවා.
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, මෙම වසරේ පසුගිය පෙබරවාරි 17 සිට 26 වැනිදා දක්වා පැවැත්වුණා.




