Published
කිරිඳිවැල - හංවැල්ල පාර ප්රදේශයේ සිනමාශාලාවක තිබී ගිනිඅවි 3ක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලීසිය සිදුකළ වැටලීමකදීයි.
ඒ අනුව පිස්තෝල වර්ගයේ ගිනිඅවි 02, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ
ජීව අත්බෝම්බ 02 ක් එහිදි සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම ජීව උණ්ඩ 4000කට ආසන්න ප්රමාණයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා




