අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලු මගීන්ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වනවා.

ආසන පටි නොමැති වාහනවල අදාළ නවීකරණයන් සිදු කර ගැනීමට සහන කාලයක් ලබාදී තිබූ අතර සහන කාලය අදින් අවසන් වන බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව රියදුරු සහ මගීන් ආසන පටි පැළද නොගෙන අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සදහා අද සිට දඩ නියම කිරීමටද පියවර ගනු ඇති.

දඩය රුපියල් දහසක්.

අද සිට බලාත්මක කෙරෙන මෙම නව නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරීම ඉකුත් දින කිහිපයේදී සිදු කෙරුණා. අධිවේගී මාර්ගයන්හිදී සිදු කෙරුණු මෙම දැනුවත් කිරීම සදහා ධාවන ශූර ඩිලන්ත මාලගමුවද එක්ව සිටියා.

මේ අතර වසරේ මේ දක්වා කාලයේදී රිය අනතුරුවලින් පුද්ගලයින් 1,297 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

ඔවුන්ගෙන් 448 දෙනෙකු පදිකයන්.

යතුරු පැදිකරුවන් 444 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙවැනි රිය අනතුරු වළක්වා ගැනීමේ තවත් පියවරක් ලෙසයි ආසන පටි නීතිය ක්‍රියාත්මක වන්නේ.