Published
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ප්‍රාථමික සිසුන්ට ලබාදුන් දිවා ආහාරය අනුභව කිරිමෙන් පසු රෝගිවු සිසුන් පිරිසක් ප්‍රතිකාර සදහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස රෝහල්ගත කර ඇත්තේ එම පාසලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් විස්සකට ආසන්න පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
අදාළ සිසුන්ට ලබා දුන් ආහාරවල සාම්පල කන්තලේ මහජන පරීක්ෂකරුවන් විසින් පරීක්ෂා කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.




