එළවළු මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
උඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු මිල මෙලෙස ඉහළ ගොස් තිබෙන බවයි නෙත් නිව්ස් කළ වෙළඳපොළ ගවේෂණයකදී අනාවරණ වුණේ.
හැටන් ප්රදේශයේ මාළු මිරිස් අලෙවි වන්නේ කිලෝග්රෑම් එකක් රුපියල් 950ත් 1,000ත් අතර මිලකටයි.
දෙහි කිලෝග්රෑම් එකක මිල රුපියල් 2,000ක් දක්වා වැඩි වී තිබෙනවා.
ගෝවා කිලෝග්රෑම් එකක් රුපියල් 600ත් 650ත් අතර මිලකට ද, කරවිල කිලෝග්රෑම් එකක් රුපියල් 800ක් පමණ මිලකට සහ පතෝල කිලෝග්රෑම් එකක් රුපියල් 600ක් පමණ මිලකට මිල වැඩි වී තිබෙනවා.
කැරට් කිලෝග්රෑම් එකක් අලෙවි වන්නේ රුපියල් 600ත් 700ත් අතර මිලකටයි.
වට්ටක්කා කිලෝග්රෑම් එකක් රුපියල් 400ක් පමණ ද, බෝංචි කිලෝග්රෑම් එකක් රුපියල් 450ක් පමණ ද වනවා.
ඉකුත් දිනවල ඇදහැළුණු මහ වැසි සමග එළවළු වගාවන් හානි වීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් අසමත් වීමෙන් එළවළු මිල මෙලෙස වැඩි වී තිබෙන බවයි නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූ වෙළඳුන් කියා සිටියේ.




