26 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ C කාණ්ඩයෙන් තරග වදින බ්‍රසීල කණ්ඩායම, හයිටිය පරදා අද කැපී පෙනෙන ජයග්‍රණයක් ලබාගත්තා.
මේ සමඟ හයිටි රාජ්‍ය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන අතර එලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන පළමු කණ්ඩායම ද හයිටියයි.
බ්‍රසීලය මෙම තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගයේදී තරග වැදුණේ මොරොක්කෝව සමඟ.
එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහිදී බ්‍රසීල කණ්ඩායමේ දක්ෂතා බරපතල පසුබෑමකට ලක්ව තිබුණු බවයි විචාරකයන් පැවසුවේ.
එල්ල වූ විවේචනවලට ද හයිටි රාජ්‍ය සමග අද පැවති තරගයේදී බ්‍රසීලය ක්‍රීඩාවෙන්ම උත්තර දුන්නා.
තරගය පුරා බ්‍රසීලය ප්‍රදර්ශනය කළේ ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක්.
බ්‍රසීලය වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩාවක නිරත වූ ඉදිරිපෙළ ක්‍රීඩක මතේවුස් කුන්හා ගෝල දෙකක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
තරගයේ 23 වැනි මිනිත්තුවේදී බ්‍රසීලයට ලැබුණු පළමු ගෝලය මෙන්ම, පළමු අර්ධය නිමාවීමට මිනිත්තු නවයකට පෙර කුන්හා විසින් එල්ල කළ දක්ෂ ප්‍රහාරයකින් දෙවැනි ගෝලය ද වාර්තා වුණා.
ඉන් නොනැවතී, පළමු අර්ධයේ අතිරේක කාලය තුළදී විනිසියස් ජූනියර් බ්‍රසීලය වෙනුවෙන් තුන්වැනි ගෝලය ද වාර්තා කළා.
ප්‍රබල බ්‍රසීල ප්‍රහාර හමුවේ අසරණ වූ හයිටි කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූයේ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනට අනුව C කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වීම ස්ථිර වීම හේතුවෙන්.
බ්‍රසීලය දැන් ගෝල පරතරය මත මොරොක්කෝව අභිබවා පෙරමුණේ පසුවන අතර, ඔවුන්ගේ මීළඟ මූලික වටයේ අවසන් තරගය ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.




