හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 3 වනදා දහවල් 2:55ට පමණ බැංකු සේවකයෙකු, එම බැංකුවේ පිටුපස දොරෙන් මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ එම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබුණා.