Published
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පමණක් පහත දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරන බවයි එම සංස්ථාව පැවසුවේ. එහි නව මිල රුපියල් 399ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අඩු කෙරෙන්නේ රුපියල් 20කින්.
ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කෙසේවෙතත් මාසික මිල සංශෝධනයට අනුව සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නැහැ.
ඒ අනුව එම ඉන්ධන මිල ගණන් පවතින මිල ගණන් යටතේ තවදුරටත් අළෙවි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවා.
ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්





