Published
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුවට අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද දිනයේ විධායක සභා රැස්වීමක් ද කැඳවීමට නියමිත බවයි.
කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවේ මැදිහත් වීම සාධනීය තත්ත්වය පවතින බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව මුල්කර ගනිමින් ඉකුත් සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණේ. එහෙත් ගැටලුව විසඳීමට අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එය කල් දැමීමට පසුව තීරණය කෙරුණා.