මේ ගත වන්නේ ලෝකයේම උඩු යටිකුරු කළ ඊශ්‍රායල් ඉරාන යුද්ධය නිමා කළ සටන් විරාමයේ පළමු පැය 24යි. දින 12ක් පුරා පැවති මෙ යුද ගැටුම් අවසන් වුණේ ඉරානය පමණක් 600කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින්.
දෙපාර්ශවයම දැන් පවසා ඇත්තේ සටන් විරාමය ආරක්‍ෂා කරන බවයි.
ඊශ්‍රායලය සහ ඉරානය ඔවුන්ගේ ජයග්‍රහණ මේ වන විට ප්‍රකාශ කරමින් සිටිනවා.
ජයග්‍රහණය පරම්පරා ගණනාවක් මතකයේ රැඳෙනු ඇති බවත් ඊශ්‍රායලයට තිබූ න්‍යෂ්ටික තර්ජනයක් සහ බැලස්ටික් මිසයිල තර්ජනයක් ඉවත් කළ බවත් එසේ ක්‍රියා නොකළේ නම්, ඊශ්‍රායලය සමූල ඝාතනය වීමේ අනතුරට මුහුණ දී තිබූ බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
තම හමුදා ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් තිදෙනෙකු, න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ අනෙකුත් ඉහළ නිලධාරීන් ඇතුළුව ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඉවත් කළ බවයි.
කෙසේවෙතත් ඉරානය දක්වා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක්. ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රධානී මොහොමඩ් එස්ලාමි පවසා ඇත්තේ සිය න්‍යෂ්ඨික වැඩසටහනට සහ කර්මාන්තයට කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි.
ඕනෑම ප්‍රහාරයක් සඳහා මුහුණ දීමට කල් ඇතිව සැලසුම් කර තිබූ බව ඔහු පවසනවා.
කෙසේවෙතත් සටන් විරාමය උල්ලංඝනය කළ බවට පළමුව දෙපාර්ශ්වයටම චෝදනා එල්ල වුණා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඊට ප්‍රතිචාර දැක්වුයේ කෝපයෙන්.
ඊශ්‍රායල් – ඉරාන යුද උණුසුම මැද රටවල්වල ආරක්ෂක වියදම් කෙරෙහි අවධානය යොමු කරන නේටෝ සමුළුව නෙදර්ලන්තයේදී ආරම්භ වුණා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද සහභාගීත්වයෙන්.
මෙය 2019 වසරෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයාගේ පළමු නේටෝ සමුළුවයි.