කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී තිබෙනවා
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රාශියක් මත්තල ගුවන් තොටුපොළ , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමෙන් පසුව , ඒවා තවදුරටත් එම ගුවන් තොටුපොළ තුළ නවතා තිබීම හේතුවෙන් බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියේ.
විශේෂයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එක් ගුවන් යානයක් තවදුරටත් මත්තල ගුවන් තොටුපොළේ නවතා ඇති අතර ඒවායේ පැමිණි ගුවන් මගීන් මේ වනවිට සිය නිවෙස් කරා යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි එම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩි දුරටත් පැවසුවේ.
මීට අමතරව ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වලද තවදුරටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නොහැකිව ගුවන් යානා 04 ක් නවතා ඇති බවද සදහන් වනවා.




