Published
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රාගම පොලිස් වසමේ කැන්දලද්දිය පාලුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එහිදී රුපියල් කෝටි තුන හමාරක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 738ක් සහ රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504ක් සොයාගෙන තිබෙනවා.
සැකකරු එම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
වයස අවුරුදු 40ක් වන සැකකරු කෙසෙල්වත්ත, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා.