තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් එම ජනතාවට තාවකාලිකව විදුලිය ලබාදීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාරය වෙත මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

මෙම සමාජ සත්කාරය දියත් කරන්නේ “ඒ ප්ලස් ටෙක්නොලජි” ආයතනය සමගයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උෂාන්ත තිලකරත්න මහතා.

තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් හෝ මෙම වැඩසටහන සමග එක්වීමට කැමති පාර්ශ්ව වේනම් 077 3 951 401 අංකයෙන් මොහොමඩ් රම්සිට ඊට අදාල තොරතුරු ලබාදිය හැකියි.

එම අංකය නැවතත්, 077 3 951 401.

මේ අතර ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනට පරිත්‍යාග භාර ගැනීම අදින් අවසන් කෙරුණා.