කොළඹ වරාය පරිශ්‍රය තුළ ආනයනික බහාලුුම් විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ වරායෙන් පිටත අංගන තුනේ ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයක් පැවතීම ඊට හේතු වී ඇති බවයි.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාද උපදෙස් ලබා දී තිබියදී රේගු නිලධාරීන් එම උපදෙස් අනුව කටයුතු කර නොමැති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කළේ.