සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පාද යාත්රාවේ පැමිණි භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටිනවා.
මහනුවරින් පසුගියදා ගමන් ආරම්භ කළ එම පාද යාත්රාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.
එහිදි භික්ෂුන් වහන්සේලා බලකර සිටියේ සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා නිදහස් කළ යුතු බවයි.
ඒ අනුව පා ගමනින් පැමිණි පිරිස සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයා පැමිණි අතර, නොබෝ වේලාවකින් පිලිතුරක් ලබාදෙන්නම් පවසා ඔහු එම ස්ථානයෙන් නික්ම ගියා.
පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීයෙකු එම ස්ථානයට පැමිණ කියාසිටියේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලිම සම්බන්ධයෙන් අධ්යනය කිරීමට මසක කාලයක් අවශ්ය බවයි.
ඊට එකග නොවූ පාද යාත්රාවෙන් පැමිණි පිරිස එම ස්ථානයේ රැදී සිටීමට තීරණය කළා.
තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යෑමේදී ඊයේ රාත්රියේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වුණේ.



