Published
දරුවන් ක්‍රීඩාවන් සඳහා යොමු කිරීමෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය කර ගැනිමට අවස්ථාව හිමි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අධ්‍යාපනයේ පවතින පීඩාකාරී තත්ත්වය සහ තරඟාකාරීත්වය හමුවේ එලෙස දරුවන් ක්‍රීඩාවන්ට යොමු කිරීම ඉතා වැදගත් බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 50 වැනි පාසල් වාර්ෂික ජල ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මේ බව පැවසුවා.