අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

ඒ,ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කළ ඉල්ලිමක් සළකා බලමින්.

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ  අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි.

ඒ කලාප 4ක් යටතේ දිනකට පැය බැගින්.