අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය වරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ලබන 23 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඇතැම් පාර්ශව කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ තමන්ට ලබාදුන් ඇතැම් සංයුක්ත තැටි ධාවකය නොවන තත්වයක් පවතින බව පෙන්වා දුන්නා.
එම අදාල කරුණු අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වෙත යොමු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම කරුණ සම්බන්ධයෙන් නොපමාව අවශ්ය පියවර ගන්නා ලෙසත් රෙජිස්ට්රාර්වරයා වෙත නියෝග කර සිටියා.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම කටයුතුවල ප්රගතිය විමසා බැලීම සඳහා මෙතන නඩු කරය නැවත ලබන 23 වනදා කැඳවන ලෙස නියෝග කළා.
මෙය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුකරයක් බැවින් ඒ පිළිබඳව ඉතා පරිස්සමින් සහගතව සියලු පාර්ශ්වයන්ට ආතතියක් නොවන පරිදි කටයුතු කිරීමට අධිකරණය වග බලා ගන්නා බවත් සභාපති විනිසුරුවරයා කියා සිටියා.
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට එරෙහිව පැවති විරෝධතා වලදී පළ කරනු ලැබූ අදහස් වලින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් දන්වා කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් හිටපු අමාත්ය වරුන්මෙ වන විමල්ම වීරවංශ , උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න, මහින්ද පතිරණ යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.




