Published
කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ මගීන් ගණන 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ තුවාල ලැබූ එම දුම්රිය මගීන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ එම දුම්රිය කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි පීලි පැනීමකට ලක් වුණේ අද අළුයම 5.40ට පමණයි.
පීලි පැනීමට ලක් වූ එම දුම්රියේ එක් මැදිරියක් පෙරළී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත් ප්‍රධාන මාර්ගයේ අනෙකුත් මංතීරු හරහා ප්‍රමාදවීම් සහිතව සෙසු දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.




