රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් වසමේ නානායක්කාර මාවතේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරු පසුගිය 17 සහ 18 යන දෙදින වැලිකඩ පොලිස් වසමේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ 09කට සම්බන්ධ බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.