පයාගල, නයිමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශවය විසින් "පානදුරේ නිලංග" නම් පුද්ගලයාගේ  "ඩිලා" නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ.

වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.