පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පිහිටි තීනියාවල ආරණ්‍ය සේනාසනයක  වැඩසිටියදී උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ සිරදඬුවම වෙනුවෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කළා.