රට පුරා ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය අද පෙරවරු 08.00ට අවසන් කළත් සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සටන අත්නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
සැලසුම් කළ පරිදි අද (25) පෙරවරු 08.00න් වර්ජනය අවසන් කිරීමෙන් අනතුරුව රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
ඪ
ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය නියෝජිතයින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.
වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දින දෙක පුරා පීඩාවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් වර්ජනයේ නිරත වෛද්‍යවරුන් වෙත ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. එමෙන්ම විෂය භාර අමාත්‍යවරයා මෙන්ම රජයේ පාර්ශ්වය ද වෛද්‍යවරුන්ට චෝදනා කළේ වැටුප් වැඩිවීමක් සිදුකර තිබියදී එලෙස වර්ජනයක නිරත වීම අනුමත කළ නොහැකි බවයි.




