සිය ඉල්ලීම්වලට අද දිනයේ පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අත්හිටවූ වැඩවර්ජනය යළි ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු එච් ඒ ආර් නිහාල් මහතා පැවසුවේ සිය අතිකාල දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අද දිනයේ සාකච්ඡාවක් ලබා දී ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු හමුවේ රාජකාරී ඉටු කිරීමට තැපැල් සේවකයන්ට අනිවාර්යෙන් අතිකාල සේවාවල නිරත වීමට සිදු වන බවද ඔහු කියා සිටියා.

එහෙත් ඊට පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච් ඒ ආර් නිහාල් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.