ශ්‍රී ලංකාව යනු සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් අපකීර්තිමත් වාර්තා හිමි රටක්.

1995 වසර වන විට ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතය ලොව ඉහළ තැනක තිබුණා.

පසුව එය ක්‍රමක්‍රමයෙන් අඩු වුවද තවමත් සියදිවි නසාගැනීම් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

වෛද්‍ය වාර්තාවලට අනුව වසරකට වාර්තා වන සියදිවි නසාගැනීම් 3,000ත් 4,000ත් අතර වීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

ප්‍රශ්නයක්, ගැටලුවක්, පීඩනයක් සියදිවි නසාගැනීමකින් තොරව විසඳාගත නොහැකි ද? මේ, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් මහතා සමග ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාවක්.