Published
අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ උදෑසන වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේයි.
මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට ලයිස්තුවෙන් ඉදිරිපත් වු අයෙකු බවයි පැවසෙන්නේ. එමෙන්ම මෙම පුද්ගලයා විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා‘ නම් පුද්ගලයාගේ මස්සිනා බවටද පැවසෙනවා. ඔහු අම්බලන්ගොඩ මෝදර මහා දේවාල කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කළා.



