සැකසහිත සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් නිළ සුනඛ අංජු ලවා පරීක්ෂා කිරීමේන් පසු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 යි මිලිග්‍රැම් 200 ක් සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසා තිබෙනවා.

අද අලුයම් කාලයේ සිට කළුතර ගබඩාව පාරේ සැක කටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට ලද තොරතුරක් මත මෙම මෝටර් රථය සැකකරු සමග පොලිසියට රැගෙන විත් තිබෙනවා.

කළුතර පොලිස් විද්‍යාලයේ පොලිස් නිළ සුනඛ අංජු ලවා පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පරීක්ෂක ශ්‍රී රංගා මහතා ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.