Published
දැයේ දරුවන් වෙනුවෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්රදානය කිරීම අද සිදු කෙරෙනවා.
මෙවර එම තරගාවලිය සදහා චිත්‍ර 73,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ඒ අතරින් තෝරාගත් ළමුන් සිය දෙනෙකුට කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී ත්‍යාග සහ සහතික පත්‍ර පිරි නමන බවයි සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අළෙවි කළමණාකාරිණි එච්.ඒ. ලසන්ති ජයරත්න මහත්මිය පැවසුවේ.


