දැයේ දරුවන් වෙනුවෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම අද සිදු කෙරෙනවා.

මෙවර එම තරගාවලිය සදහා චිත්‍ර 73,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

ඒ අතරින් තෝරාගත් ළමුන් සිය දෙනෙකුට කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී ත්‍යාග සහ සහතික පත්‍ර පිරි නමන බවයි සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අළෙවි කළමණාකාරිණි එච්.ඒ. ලසන්ති ජයරත්න මහත්මිය පැවසුවේ.