වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතුරුදන් වීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පක්ෂයද සොයා බැලීමක් සිදු කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ කටයුතුවලට නිවසේ සිට පැමිණෙමින් සිටි මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙකු එලෙස අතුරුදන් වී තිබුණා.

කෙසේවෙතත් එදිනම පස්වරුවේ ඔවුන්දෙදෙනා සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිද්ධියට මුහුණ පෑ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ ගැනීමට කටයුතු කර තිබුණා.

එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණේ නැහැ.

කෙසේවෙතත් ඊයේ දිනයේ ඇය කනන්කේ පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

මේ අතර එම සිද්ධිය සහ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.